TIN (Tax Identification Number) අංකයක් ලියාපදිංචි කරගන්නේ කෙසේද ?
අවශ්‍ය මුලික ද්‍රව්‍යය –
- විදයුත් ලිපිනයක් – Emai Address
- ජංගම දුරකථනයට අංකයක් – Mobile Number
- අන්තර්ජාලය සහිත උපකරණයක් ( Laptop | PC | Mobile)- Device With Internet
අවශ්‍ය විද්‍යුත් පිටත් ලිපිගොනු –
- ග්‍රාම සේවක සහතික කරන ලද ලියාපදිංචිය තහවුරු කිරීමේ බිල් පතක් – (pdf. ආකාරයට සකස් කර ගත් විද්‍යුත් පිටත් ලිපිගොනුවක් )
- අනන්‍යතාව තහවුරු කිරීම සඳහා –
- ජාතික හැදුනුම්පත – NIC Card
- රියැදුරු බලපත්‍රය – Driving License
- වැඩිහිටි හැදුනුම්පත – Senior Citizen Id
- ගුවන් ගමන් බලපත්‍රය – Passport
(pdf. ආකාරයට සකස් කර ගත් විද්‍යුත් පිටත් ලිපිගොනුවක් )

01.පළමු පියවර –
- web browser එකක් විවෘත කරගන්න – Eg- Chrome, Firefox ,Microsoft Edge ,Opera
- web browser හි URL හෙවත් Web Address https://www.ird.gov.lk/ ඇතුලු කරන්න .
- www.ird.gov.lk වෙබ් පිටුවේ
සිංහල තෝරන්න. - ප්‍රධාන මෙනුවේ >ඊ-සේවාවන් > ඊ-සේවාවන් වෙත පිවිසීම වෙත පිවිසෙන්න
- එම වෙබ් පිටුවේ ඇති බදු ගෙවන්නා ලියාපදිංචිය click කරන්න.
- එම වෙබ් පිටුවේ ඇති Taxpayer Registration Details ඇති Registration type “INDIVIDUAL LOCAL” select කරන්න.

02.දෙවෙනි පියවර –
මෙම පෝරමයේ [Form -Taxpayer Registration Details] * සලකුණු කර ඇති සියිල්ලම පිරවීම අනිවාර්යය වේ.
- Applicant reference No. ලෙස ජාතික හදුනුම්පත් අංකය ඇතුලත් කරන්න.
- Full name of applicant (English) සම්පූර්ණ නම ඉංග්‍රීසියෙන්,(Eg: Rathnayaka Mudaliuge Maashi Dinushaa.)
- Name with initials (English) නම ඉංග්‍රීසියෙන් මුල අකුරු සමඟ (Eg: R.M. Maashi Dinushaa)එහි Select Value ලෙස සුදුසු පරිදි තෝරන්න.(Eg:MRS)
- Date of birth උපන් දිනය (Eg:1984-10-03)ඇතුලත් කරන්න.
- Country of birth – “SRI LANKA ” ලෙස select කරන්න.
- Preferred language – “SINHALA” ලෙස select කරන්න.
- Preferred mode of communication-“EMAIL” ලෙස select කරන්න.
- Source of income- ආදායම ලැබෙන ආකාරය ලෙස (සුදුසු පරිදි) “OTHERS” ✓ යොදන්න.
- Profession- වෘත්තීය සුදුසු ලෙස select කරන්න. ඔබේ වෘත්තීය නොමැති නම් “NOT APPLICABLE” ලෙස select කරන්න.
- PERMANENT ADDRESS ස්ථිර ලිපිනයහි Address (English) ඔබේ ස්ථිර ලිපිනය ඇතුලත් කරන්න.
- ස්ථිර ලිපිනයට අදාළව
- Province – පලාත
- District – දිස්ත්‍රික්කය
- Divisional secretariat – ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය
- Grama niladhari divisions – ග්‍රාම නිලධාරි වසම
select කරන්න.
- Email address විදයුත් ලිපිනය ඇතුලත් කරන්න.
- Civil status-විවාහක / අවිවාහක බව තෝරා,විවාහක නම් Name of spousea-කලත්‍රයාගේ නම ඇතුලත් කරන්න.
- Supporting Document වල Sub Document Type “NATIONAL IDENTITY CARD” ලෙස select කර කලින් සකසා ගත් pdf.ලිපිගොනුව select කර Open කරන්න.
- Purpose of registration-අරමුණ තෝරන්න. “TAX PURPOSE” ලෙස select කරන්න.(එසේ නොවේ නම් සුදුසු අරමුණ තෝරන්න.”OTHERS” ලෙස select කරන්නේ නම් [If others, please specify remarks
ඔබේ aඅරමුණකෙටියෙන් සඳහන් කරන්න.] ) - Next බටනය click කරන්න.
03.තුන්වන පියවර –
ඔබේ තොරතුරු සැපයීම නිවැරදි නම් Confirmation වෙබ් පිටුවට ඔබව යොමු කෙරේ.
එහි පහත ඇති Deceleration කොටසේ , * සලකුණු කර ඇති සියිල්ලම පිරවීම අනිවාර්යය වේ.
- Name Of Applicant – අයදුම්කරුගේ නම
- Designation Of Applicant – අයදුම්කරුගේ තනතුර
- Contact Number – ඔබව සම්බන්ධ කර ගත හැකි ජංගම දුරකථන අංකයක්
- Recaptcha – රූපයේ දිස්වන අකුරු හෝ ඉලක්කම් ඒ ආකාරයෙන් ඇතුලත් කරන්න.
Submit බටනය click කරන්න.

04.හතරවන පියවර –
ඔබේ තොරතුරු සැපයීම නිවැරදි නම් Acknowledgement වෙබ් පිටුවට ඔබව යොමු කෙරේ.
දැන් ඔබට ඇත්තේ එම පිටුවේ පහළට ගොස් print බටනය click කර Acknowledgement ලදුපත පිට පතක් ලබා ගැනීම හෝ pdf. ආකාරයෙන් save කර ගැනීමය.
(To save a webpage as a PDF in Google Chrome, open the page, click the print icon (Ctrl+P or Cmd+P), select “Save as PDF” from the destination dropdown, and then choose a file name and location to save the PDF. )
ඔබට සතියක් ඇතුලත ඔබගේ TIN Number ඇතුළත් කරන ලද e-mail ලිපිනයට ලැබෙනු ඇත.
IRD Hotline –1944



Leave A Comment